Narayanasamy

 

Subasinghe

මෙම ආයතනයේ පුස්තකාලයෙහි පොත් 21,000ක් ද , (දේශීය හා විදේශීය) ජර්නල 20,000ක් ද නිබන්ධන ද පළ නොකළ වාර්තා ද, සිතියම් ද වාර්ෂික වාර්තා ද පුවත්පත් ලිපි ද තිබේ. වාර සඟරා, පුවත්ලිපි, වාර්ෂික වාර්තා ආදිය විදේශීය හා දේශීය ආයතනවලින් තුටුපඩුරු වශයෙන් හෝ හුවමාරු පදනම මත නිරන්තරයෙන් ම ලැබේ. මෙම පුස්තකාලය විදේශීය ජර්නල 21කට සහ දේශීය ජර්නල 28කට සම්බන්ධ වී තිබේ.

මෙම පුස්තකාලය ආයතනයේ පර්යේෂණ කාර්යමණ්ඩලයට විශාල පරාසයක සේවා සපයයි. එම සේවාවලට ආශ්‍රිත  පහසුකම්, අනුබද්ධ පුස්තකාලවලින් ලේඛන භාරදීමේ සේවා, පුස්තකාලාන්තර ණය පහසුකම් අලුතෙන් ලැබුණු පොත්වලින් සහ ජර්නල පිටුවලින් ක්ෂණික විද්‍යුත් සේවා, ඡායා පිටපත් සහ අන්තර්ජාල පහසුකම් යනාදිය ඇතුළත් වේ. ආයතනයේ ම කාර්ය මණ්ඩලය හැරුණු විට ආයතනයට පැමිණෙන බාහිර පර්යේෂකයෝ, උපදේශකයෝ, විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයෝ සහ කාර්යමණ්ඩලයේ අයද යන වශයෙන් බොහෝ දෙනෙක් මෙම පුස්තකාලය පාවිච්චි කරති.

පහත සඳහන් විෂයයන්ට අයත් දේශීය සහ විදේශීය ප්‍රකාශන මෙහි එක්රැස් කර තිබේ.

  • ගොවිජන ව්‍යූහය
  • ගොවිජන ප්‍රතිසංස්කරණ
  • කෘෂිකාර්මික ණය
  • කෘෂිකාර්මික සංවර්ධනය
  • කෘෂිකාර්මික බෝග
  • ඉඩම් ප්‍රතිසංස්කරණය
  • වාරිමාර්ග
  • ජල කළමනාකරණය
  • ආර්ථික සංවර්ධනය
  • සමාජ විද්‍යා
  • දේශපාලනය
  • දිළිඳුකම පිළිබඳ සංඛ්‍යාමය දත්ත
  • ග්‍රාම සංවර්ධනය
  • ස්ත්‍රී පුරුෂ භේදය පිළිබඳ ගැටලු.
  • ජනශ්‍රැති
  • වැවිලි
  • ආහාර සහ පෝෂණය
  • පරිසරය සහ ස්වාභාවික සම්පත්
  • ජෛව තාක්ෂණය
  • ඉතිහාසය
  • අලෙවිය
  • වෙළඳාම
  • පර්යේෂණ ක්‍රමවේදය

පුස්තකාලය වූ කලී ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික තොරතුරු ජාලයේ ක්‍රියාකාරී සහභාගිවන්නන් අතර එක් ආයතනයකි. මෙම පුස්තකාලය පොත්පත්, ජර්නල ලිපි යන මේවා පිළිබඳ නාමාවලීකරණ දත්ත කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති පිළිබඳ ශ්‍රී ලංකා සභාව පවත්වා ගෙන යන ජාතික කෘෂිකාර්මික පුස්තකනාමාවලිය ඇතුළු කිරීම සඳහා අඛණ්ඩව සැපයීම සිදු කරයි.

පුස්තකාලයේ ග්‍රන්ථ නාමාවලි දත්ත පාදකය පරිගණකගත කිරීම WINSIS නමැති මෘදුකාංගය භාවිතා කරමින් සිදු කළ අතර ඒවාට විද්‍යුත් වාර්තා 8627ක් ඇතුළත් විය . දැනට දේශීය සහ විදේශීය ආයතන 10 ක් සමග ප්‍රකාශන හුවමාරු වැඩපිළිවෙළක් මෙම පුස්තකාලයෙහි ක්‍රියාත්මකව පවතී.

විසිරී ඇති සම්පත් හවුලේ භාවිතා කිරීමේ අටියෙන් මෙම පුස්තකාලය  අන්තර් පුස්තකාල තරගයේ වැඩ සටහන්වලට ක්‍රියාකාරී ලෙස සහභාගි වෙයි. එසේම පොත්පත් බැලීමේ පහසුකම්, අන්තර් පුස්තකාලවලින් පොත්පත් ලබා ගැනීම, පරිගණක මගින් කරුණු සෙවීම, පොත්පත් සමීක්ෂණ, ලිපි කඩිනමින් සොයාගැනීමේ සේවය, ඡායාපිටපත් සහ ලේඛන බෙදාදීමේ සේවය යනාදී විවිධ සේවා මෙම පුස්තකාලයෙන් සැපයේ.